News at your Fingertips in Sri Lanka

රනිල් වික‍්‍රමසිංහ මහතා අද උදෑසන මන්ත්‍රීධූරයේ දිවුරුම් දෙයි

0 1,437

2020 වසරේ අගොස්තු  මහ මැතිවරණයෙන් මාස නවයකට පසු එක්සත් ජාතික පක්‍ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරය සඳහා එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු ලෙස අද, එනම් 2021 ජූනි 23 වන දින දිවුරුම් දෙයි.

එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා විපක්‍ෂයේ ඉදිරිපෙළ පිහිටි 13 වැනි ආසනයේ අසුන් ගැනීමට නියමිත අතර මෙතෙක් එම අසුනෙහි අසුන් ගන්නා ලද්දේ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාය. ඒ අනුව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාට 14 වැනි අසුන හිමි වනු ඇත.

Leave A Reply

Your email address will not be published.